Print

දෙදිනක්‌ පුරා (23 සහ 24) ජාතික තරුණ සේවා ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැති ඩී. එස්‌. අයි. සුපර් ස්‌පෝර්ට්‌ පාසල් වොලිබෝල් 2017 තරගාවලියේ අවසන් මහා තරගවලදී සියලුම වයස්‌ කාණ්‌ඩවලට අදාළ ශූරතාවන් දිනා ගැනීමට අගනුවරින් පිට පළාත් නියෝජනය කළ කණ්‌ඩායම් සමත් විය.
 
 එහිදී සමස්‌ත ශූරතා 8 අතුරින් ශූරතා තුනක්‌ දිනාගැනීමට මරවිල සාන්ත සේවියර් මධ්‍යමහා විද්‍යලය සමත් වූ අතර ශූරතා දෙක බැගින් දිනා ගැනීමට උහන තිස්‌සපුර විද්‍යලය හා ගලිගමුව මධ්‍යමහා විද්‍යලයට හැක වීම කැපීපෙනන සිදුවීමක්‌ විය. විශේෂයෙන් මෙවර 19 න් පහළ බලක තරගය තියුණුq මුහුණුqවරක්‌ ගත් අතර රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යලය හා නාත්තන්ඩිය දම්මිස්‌සර විද්‍යලය අතර පැවැතිs එම තරගය වට 5 ක කරට කර තරගයකින් පසු 5-3 (25/21,25/18,25/19, 15/9) ලෙස ජය තහවුරු කරගැනීමට නාත්නණ්‌ඩිය ධම්මිස්‌සර විද්‍යාලය සමත් විය. .
 


 එම වයස්‌ කාණ්‌aඩයටම අයත් 19 පහල බාලිකා තරගයේදී විජයබා ජාතික පසල පරදා 3-0 ලෙස (25/17,25/11,25/15) බාලිකා ශූරතාව හිමිකර ගනු ලැබුවේ ගලිගමුව විද්‍යලයීය කණ්‌aඩායමයි.
 
 ඒ අනුව 17 වැනි ඩී. එස්‌. අයි. පාසල් වොලිබෝල් තරගාවලියේ 15 න් පහළ බාලක අවසන් මහා තරගයේදී මාරවිල සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය අතර පැවැති තරගයේදී තරග වට 4 - 3 (19/25, 25/19, 25/25, 25/23) වශයෙන් සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලය ශූරතාවය හිමිකර ගත්තේය.
 
 එම වයස්‌ කාණ්‌ඩයේ ම අම්පාර උහන තිස්‌සපුර විද්‍යාලය සහ හුංගම විජයබා ජාතික පාසල අතර පැවති බාලිකා අවසන් මහා තරගයේදී තරග වට 3 - 0 (25/16, 26/24, 25/20) ලෙස ශූරතාවට හිමිකම් කීවේ අම්පාර උහන තිස්‌සපුර විද්‍යාලීය කණ්‌ඩායමයි.
 
 එහිදී තරගයේ ජයග්‍රහණ වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙයක්‌ ඉටු කළ අමන්දි භාග්‍යා (දක්‍ෂතම ක්‍රීඩිකාව) තිවන්ති මධුමාලි (දක්‍ෂතම පන්දු ඔසවන්නිය) සහ සුරේකා දිල්ශානි (දක්‍ෂතම ප්‍රහාරිකාව) සම්මානයට පාත්‍ර වූවාය.
 
 එහි බාලක තරගයේදී දක්‍ෂතම ප්‍රහාරකයා, පන්දු ඔසවන්නා හා දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ පිළිවෙළින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ එන්. ජී.කවිෂ්ක මධුශංක, සාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයේ කවිඳු උදයංග සහ හිරුෂ ගනිඳු ලක්‍ෂාන් නමැති ක්‍රීඩකයන් ය.
 
 දාහතෙන් පහළ වයස්‌ කාණ්‌ඩය යටතේ පැවැති අවසන් තරගයේදී එහි බාලිකා ශූරතාවය ආණමඩුව රතනපාල මහා විද්‍යාලය පරදා 3 - 0 ලෙස (25/16, 25/23, 25/19) ගල්ගමුව මහා විද්‍යාලය දිනාගත් අතර එම බාලක තරගයේදී හුංගම විජයබා ජාතික පාසල පරදා තරග 3 - 0 (25/17, 25/21, 25/13) ලෙස ශූරතාවය දිනා ගැනීමට මාරවිල සාන්ත සේවියර් විද්‍යාලීය කණ්‌ඩායමට හැකි විය.
 
 එම තරගයේදී දක්‍ෂතම ක්‍රීඩකයා ලෙස සාන්ත සේවියර් කණ්‌ඩායමේ මිලින්ද නිර්මාල් දක්‍ෂතම පන්දු ඔසවන්නා නවෝද් කෞෂල්‍ය, දක්‍ෂතම ප්‍රහාරකයා සී. ඩබ්ලිව්. සමිත් මුදිත සම්මාන දිනා ගත්තේය.
 
 පහළම වයස්‌ කාණ්‌ඩය වන 13 න් පහළ බාලිකා අවසන් මහා තරගයේ උහන තිස්‌සපුර විද්‍යාලයත් ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසලත් අතර පැවැති අතර, එම තරගය පහසුවෙන් ජයග්‍රහණය කරමින් එහි ශූරතාව හිමිකර ගැනීමට උහන තිස්‌සපුර විද්‍යාලීය කණ්‌ඩායම සමත් විය.
 
 එම තරගයේදී උහන තිස්‌සපුර විද්‍යාලයේ දැක්‌වූ දක්‍ෂතා මත එච්. එන්. චතුරිකා පූර්නිමා (දක්‍ෂතම කීS්‍රඩිකාව) සෙනුරි තාරුක්‍ෂිකා (දක්‍ෂතම ප්‍රහාරිකාව) සහ විද්‍යාලෝක ජාතික පාසලේ ඊ ඡේ. ඒ. පී. සුසන්නී දක්‍ෂතම පන්දු ඔසවන්නිය ලෙස ද සම්මාන දිනා ගත්තාය.