තෙදිනක් පුරාවට (ඔක් 03,04 සහ 05 ) කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේදී පවත්වනු ලැබූ සමස්ත ලංකා අන්තර් පාසල් කරාතේ තරඟාවලියෙන් වයස අවු. 18න් පහළ බාලිකා ශූරතාව දිනා ගැනීමට ධම්මිස්සර ජාතික පාසැල සමත් වී ඇත.

දෙදිනක්‌ පුරා (23 සහ 24) ජාතික තරුණ සේවා ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී පැවැති ඩී. එස්‌. අයි. සුපර් ස්‌පෝර්ට්‌ පාසල් වොලිබෝල් 2017 තරගාවලියේ අවසන් මහා තරගවලදී සියලුම වයස්‌ කාණ්‌ඩවලට අදාළ ශූරතාවන් දිනා ගැනීමට අගනුවරින් පිට පළාත් නියෝජනය කළ කණ්‌ඩායම් සමත් විය.
 
 එහිදී සමස්‌ත ශූරතා 8 අතුරින් ශූරතා තුනක්‌ දිනාගැනීමට මරවිල සාන්ත සේවියර් මධ්‍යමහා විද්‍යලය සමත් වූ අතර ශූරතා දෙක බැගින් දිනා ගැනීමට උහන තිස්‌සපුර විද්‍යලය හා ගලිගමුව මධ්‍යමහා විද්‍යලයට හැක වීම කැපීපෙනන සිදුවීමක්‌ විය. විශේෂයෙන් මෙවර 19 න් පහළ බලක තරගය තියුණුq මුහුණුqවරක්‌ ගත් අතර රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යලය හා නාත්තන්ඩිය දම්මිස්‌සර විද්‍යලය අතර පැවැතිs එම තරගය වට 5 ක කරට කර තරගයකින් පසු 5-3 (25/21,25/18,25/19, 15/9) ලෙස ජය තහවුරු කරගැනීමට නාත්නණ්‌ඩිය ධම්මිස්‌සර විද්‍යාලය සමත් විය. .
 

ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය සියළු අංශයන්ගෙන් කැපී පෙනෙන දස්කම් දක්වන දරු දැරියන්ගෙන් සපිරි අග්‍රගන්‍ය පාසලකි. වොලිබෝල් ක්‍රීඩාවේ මහගෙදර ධම්මිස්සරයයි. නිසංසල බෞද්ධ පරිසරය දරුවන්ගේ සිත ඉගෙනුමටම යොමු කරයි. දැඩි කැපවීමෙන් කටයුතු කරන ඇඳුරු මඩුල්ලක සෙවණැල්ල විදු බිම පුරා විහිදී ඇත. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ශිල්ප හැදෑරීමටත් විෂය බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහාත් විදුහල නිරන්තරයෙන් සූදානම්ය. බොදු පාසල් අතරින් දිවයිනේ ඉදිරියෙන්ම සිටින ධම්මිස්සරය , "සසළ සයුරක නොසැලෙමින් පෙරට ඇදෙන නෞකාවක්" මෙන් නිරන්තරයෙන් හැඩ වෙමින් පෙරටම යන්නීය.                            
                
දිනෙක මෙහි එන්න. හමන සුළඟ පවා ඔබ ප්‍රබෝදමත් කරනු ඇත.                    
                   

2017 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණ (ලකුණු 193) ඇතුළුව සාමාර්ථ 43 ක් ලබා ගැනීමට ධම්මිස්සර දූ පුතුන් සමත් විය.